පළාත් රෝහල්වල සුළු සේවකයින් වර්ජනයේ - දෙදෙනික මරණත් ඉහළට
Wednesday, 16 June 2021 - 8:48 | Views - 746
ජුනි 14 දිනය තුල පමණක් කොරෝනා මරණ 55 ක් සිදු වූ බව ඊයේ තහවුරු කෙරුණා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2,317 ක් ලෙසයි.

නව ආසාදිතයන් 2,334 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 28,256 ක් දක්වා ඉහළ ගියා.

මොවුන්ගෙන් 2,275 ක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 59 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

 ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 33,518 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව එක්ලක්ෂ 92,478 ක්.

මේ අතර දිවයිනේ සියළු පළාත් සභා රෝහල්වල අද උදෑසන 8 සිට පැය 4ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසනවා.  

එමෙන්ම නිරෝධායන නීති කඩකළ 1,411 දෙනෙකු ගතවූ පැය විසි හතරේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මෙය මෙතෙක් දිනයක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top