පළාත් රෝහල්වල සුළු සේවකයින් වර්ජනයේ - දෙදෙනික මරණත් ඉහළට
Wednesday, 16 June 2021 - 8:48 | Views - 747
ජුනි 14 දිනය තුල පමණක් කොරෝනා මරණ 55 ක් සිදු වූ බව ඊයේ තහවුරු කෙරුණා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2,317 ක් ලෙසයි.
නව ආසාදිතයන් 2,334 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ 28,256 ක් දක්වා ඉහළ ගියා.
මොවුන්ගෙන් 2,275 ක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 59 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.
ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 33,518 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව එක්ලක්ෂ 92,478 ක්.
මේ අතර දිවයිනේ සියළු පළාත් සභා රෝහල්වල අද උදෑසන 8 සිට පැය 4ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසනවා.
එමෙන්ම නිරෝධායන නීති කඩකළ 1,411 දෙනෙකු ගතවූ පැය විසි හතරේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මෙය මෙතෙක් දිනයක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බවයි.
Share This Article