ජනතා හඬට කන් නොදුනහොත් බරපතල ප්‍රතිවිපාක අත්විය හැකියි - ඇමති ප්‍රසන්න
Wednesday, 16 June 2021 - 8:16 | Views - 298
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ප්‍රදේශයේ ඉදිකිරීම්වලදී ජනතා හඬට කන් නොදුනහොත් බරපතල ප්‍රති විපාක අත්විය හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

ගම්පහ - වැරැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ පසුගිය ආණ්ඩුවලින් ගනු ලැබූ වැරදි තීරණ නිවැරදි කිරීමට බැවින් වර්තමාන රජය එම වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බවයි.

පසුගිය දා ගං වතුරෙන් යට වූ ගම්පහ සහ අත්තනගල්ල නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන බවයි.

නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනය කර තීරණයකට එළඹීමෙන් පසුව බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නිවේදනයක්  නිකුත් කරමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි සදහන් කළේ මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට කිසිදු අවස්ථාවක තීරණයක් කර නොමැති බවයි.

අධිවේගි මාර්ගයේ කඩවත සිට මිරීගම දක්වා කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔහු එම නිවේදනයෙන් දක්වා තිබුණා.

එහෙත් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කළේ ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී කටයුතු කළහොත් ඉදිකිරීම්වල නිරත කොන්ත්‍රාත්කරුවන්ට ජනතාව ප්‍රතිචාර දක්වනු ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top