වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල ගබඩාවේ තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 ,52 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකු බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
පසුගිය 11 වන දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදීයි සැකකාර මන්ත්‍රීවරු දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් අද දින කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් යන්ත්‍රය මිලදී ගත් පුද්ගලයා සහ යන්ත්‍රය ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.