ළිඳ තුල සිදු වූ දරු උපත සහ විපත (Video)
Tuesday, 15 June 2021 - 16:45 | Views - 1,194
රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබිනියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳා මිය යාමේ කනගාටුදායක පුවතක් වාර්තා වෙනවා.

මෙසේ සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇත්තේ 28 හැවිරිදි සදාසිවම් ශ්‍රී කුමාරි යන කාන්තාවක්. පෙරේදා (13දා) සවස එම කාන්තාව නිවසේ නොසිටි බැවින් නිවැසියන් ඇය සොයන විට නිවසට මඳක් දුරින් වූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටිනු දැක තිබෙනවා. පසුව අවට නිවෙස්වල අයගේ උපකාර මත ඇය රෝහල වෙත රැගෙන ගිය බව ඇයගේ වැඩිමහල් සොහොයුරිය පවසා තිබෙනවා.

ඇය රෝහල වෙත ගෙන ගිය පසු කුසෙහි සිටි දරුවා ළිඳ තුළදී බිහි කළ බව පැවසීමෙන් පසු බිළිඳා සෙවීමේ කටයුතු ඊයේ දිනයේදී (14දා) සිදු කළ බවද සොහොයුරිය පවසනවා. ඇයගේ ස්වාමි පුරුෂයා මැදපෙරදිග රැකියාවක නියුතු අයෙක්ද වනවා.

සවස 3.00ට පමණ දරුවාගේ මළ සිරුර ගොඩගන්නා ලද බවත් එම මෘත දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල රෝහල වෙත ගෙන ගිය බව රඹුක්කන පොලිසියේ පොලිස් ස්ථානාධිපති පවසයි.

මෙම බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් හා මව සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය විසින් සිදු කරන බවද සඳහන්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top