ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්
Tuesday, 15 June 2021 - 11:33 | Views - 645
ඊයේ වාර්තාවූ ආසාදිතයන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ එම සංඛ්‍යාව 526 ක් බවයි.
ඉන් 65 දෙනෙකුම වාර්තාවී ඇත්තේ මීගහවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර, රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 63 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
දොම්පේ ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 59 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සපුගස්කන්දෙන් 43 දෙනෙකුත්, බියගමින් 42 කුත් හඳුනාගෙන ඇති බව සඳහන්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් 287 දෙනෙකු, රත්නපුරයෙන් 260 දෙනෙකු, කළුතරින් 155 දෙනෙකු සහ ගාල්ලෙන් ආසාදිතයන් 134 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
Share This Article