13 වෙනිදා මරණ 57 ක් - ආසාදිතයින් තවත් ඉහළට
Tuesday, 15 June 2021 - 9:03 | Views - 1,697
තවත් ආසාදිතයන් 2,324 දෙනෙකු ඊයේ (14) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත අසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ විසිපන්දහස් නවසිය විසි දෙකක් දක්වා දක්වා ඉහළ ගියා.

 එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා දින සිදුව ඇති බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 57 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 2,203 ක්  ලෙසයි.

ඊයේ හඳුනාගත් නව ආසාදිතයන් 2,324 දෙනාගෙන් 2,259 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වනවා.

ඊට අමතරව විදේශයන් හි සිට පැමිණි 65 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා දින සිදුව ඇති බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 57 න් 32 කු පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 25 දෙනෙකුද මියගොස් තිබෙනවා.  

මියගිය වැඩිම පිරිසක් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 33,255 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 190,464 ක්.

එමෙන්ම කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත නොහැකිවූ ශ්‍රී ලාංකිකයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුවේ අදහස කඩිනමින් දැනුම්දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම්දී තිබෙනවා.

ඔහු කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තීකරණය පිළිබඳ විශේෂඥ කමිටුවෙන් කළ විමසීමකදී ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳ කිසිදු ගැටලු‍වක් නොමැති බව ප්‍රකාශ කෙරුණු බවයි.  

ගතවූ පැය විසි හතරේ නිරෝධායන නීති සහ සංචරණ සීමා කඩ කළ පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

මේ අතර ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තාවීම සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී තිබෙනවා.

ගතවූ පැය විසි හතරේ එරටින් නව ආසාදිතයන් වාර්තාවී ඇත්තේ 62,597 ක් පමණයි.

එමෙන්ම 3,000 ඉක්මවා වාර්තාවූ මරණ වෙනුවට ඊයේ වාර්තාවී ඇත්තේ මරණ 1,452 ක් විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඇමරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හයේ සීමාව ඉක්මවා තිබෙනවා.

එය දැක්වුණේ  615,258 ක් ලෙසයි. ගතවූ පැය විසි හතරේ එරටින් නව මරණ 195 ක් වාර්තාවී තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 17 කෝටි හැත්තෑ ලක්ෂ 15,343 ක් ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව සටහන් වූයේ  3,827,395 ක් ලෙසයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top