අද හෙළිවූ සෙනසුරාදා සිදුවූ කොවිඩ් මරණ
Monday, 14 June 2021 - 21:05 | Views - 1,492
පසුගිය සෙනසුරාදා දිනයට අදාළව කොවිඩ් 19 මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව හෙළිකළේ අද සවස පැවති මාධ්‍ය හමුවකදීයි.

කෙසේ වෙතත් ඊයේ දිනයටකොවිඩ් 19 මරණ සම්බන්ධව නිකුත් කළ වාර්තාවේ දැක්වුණේ 12 වනදාට අදාලව මරණ කිසිවක් සිදුව නොමැති බවයි.

මේ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙම හෙළිදරව්වත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2203 ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියා සිටියේ මින් ඉදිරියට කොවිඩ් 19 මරණ සම්බන්ධයෙන් වාර්තා නිකුත් කරනුයේ පැය 48කට වරක් පමණක් බවයි.

ඒ අනුව මේ වනවිට සිදුව ඇති ලුහු ගණනයන් මගහරවා ගතහැකි බවටත් ඔහු විශ්වාසය පළකලා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top