MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට ඇප
Monday, 14 June 2021 - 20:37 | Views - 313
කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක පෞද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ අංක 1 ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

නෞකාවේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

සිංගප්පූරුවේ සිට කොළඹ වරාය බලා අන්තරයාකාර භාණ්ඩ සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන පැමිණි MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්වුණේ පසුගිය මැයි මස 20 වනදායි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මැයි මස 23 වනදා කොළඹ වරාය පොලිසියේ පැමිණිල්ලක් ගොනුකළා.

ඒ අනුව සිදුකළ පරීක්ෂණ අනුවයි ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුනේ.

ඒ අනුව පසුගිය මැයි 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායමක් විසින් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන නිලධාරීවරයා සහ ඉංජිනේරුවරයාගෙන් පැය 14කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.

ඒ ඔවුන් ඒ වනවිට නිරෝධායනය වෙමින් සිටි හෝටලය තුලදීයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top