බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනෙකු කොවිඞ් ආසාදිතව මිය ගොස් තිබෙනවා.
මේ පිළිබඳව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා කියා සිටියේ ගෝනවල ප්‍රදේශයේ නිවසක ගෘහ මුලිකයා වූ පියා (අවු51) ජුනි මස 01 දා කොවිඞ් ආසාදිතව රාගම රෝහලේදීද එම නිවසේ සීයා (අවු71) කොවිඞ් ආසාදිතව ඉකුත් (04)දා එම රෝහලේදීමද එම නිවසේ පියාගේ මව ආච්චි (අවු69) කොවිඞ් ආසාදිතව නිවසේදීද මියගොස් ඇති බවයි.
මේවන විට එම නිවසේ සාමාජිකයන් හතර දෙනෙකු සඳහා පී.සී.ආර්.පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමුකර ඇති බවත් එසේම බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ කොවිඞ් 19 ආසාදිතයින් 4200 ක් වාර්තා වූ අතර ඉන් 3000 කට වැඩි පිරිසක් සුව වී ඇති බවත් මේ වන විට පුද්ගලයන් 2900 ක් නිරෝධායනයට යොමුකර ඇති බවද ඔහු සඳහන් කරයි.
එම පවුලේ තවත් හතරකට පී.සී.ආර්.පරීක්ෂණ