සංචරණ සීමා දීර්ඝ වෙනවා ද ? හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්
Friday, 11 June 2021 - 16:10 | Views - 3,888
අද දිනය තුල තහවුරු කර ගත් කොවිඩ් මරණ 101ක් වාර්තාවීම හේතුවෙන් 14 වන දින රට විවෘත කිරීමට ගෙන තිබූ තීරණය 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවට යුද හමුදාපතිවරයා පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කෙටි පණිවුඩය ව්‍යාජ එකක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ එහි කිසිදු සත්‍යතාවත් නොමැති බවයි.

මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ 14 වන දින දැනට පවතින සංචරණ සීමා ලිහිල් කෙරුණ ද එය සිදුවන්නේ දැඩි කොන්දේසි මත බවයි.

ඒ අනුව පළාත් අතර ගමනාගමනය තවදුරටත් සීමා කෙරෙන අතර කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේ සීමාවන් ද තවදුරටත් එලෙසම පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවස්ථාව පවතින බව ඔහු සඳහන් කළා.

ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධන බලකාය හෙට දින රැස්වී සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියාසිටියේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top