ගිනිගත් නැවෙන් තෙල් කාන්දුවක් ? (Video)
Thursday, 10 June 2021 - 14:03 | Views - 95
කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MVXPresspearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන යුරෝපීය marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙම දත්ත සඳහා අදාළ වාර්තාව උපයෝගී කරගෙන ඇත්තේ සාගර කලාපයන්හි සිදුවන දේශගුණික වෙනස්කම් නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට භාවිත කරන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක්.

එම වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ මෙම තෙල් බවට සැකකළහැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බවයි.

එය පවතින සුළං තත්වයත් සමඟ තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වාදෙනවා.

ඔවුන් පවසන්නේ නැව ස්ථානගතව ඇති ප්‍රදේශය අවට නාවික සැතපුම් 12ක් පමණ දුරට මෙය ව්‍යාප්තවිය හැකි බවටයි.

එමෙන්ම එම තෙල් පැල්ලම නැව ස්ථානගතව ඇති ප්‍රදේශයේ සිට උතුරු සහ වයඹ දිශානතිය ඉලක්කරගෙන නාවික සැතපුම් 3කට ආසන්න දුරකට සිහින් රේඛාවක් මෙන් පැතිර ගොස් ඇති බවයි.

එමෙන්ම එය ප්‍රදේශය අවට පවතින සුළං තත්වය හේතුවෙන් වරින් වර වෙනස්වන බවත් මෙම චන්ද්‍රිකා ගන්නා අවස්ථාවේදී වාර්තා වූ සුළං වේගය පැයට නාවික සැතපුම් 12ක් ලෙසින් වාර්තා වූ බවත් එහි සඳහන් වනවා.







Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,384 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
බුවනි චාපා දියලගොඩ කියන්නේ නිතරම දකින්න ලැබෙන රංගන ශිල්පිණියක් නෙමෙයි. විවාහයත්...
Hiru Tv Blog
හිරු ස්ටාර් සුපිරි තරුව උදාර කෞෂල්‍යය කියන්නේ අද වෙද්දි මුළු රටම දන්න හඳුනන...
Hiru Tv Blog
“මම මේ කතා කරන්නේ ලිංගික ජීවිතේ ගැන නෙමෙයි, ලිංගිකත්වයත් අවශ්‍යයි..!”“හැබැයි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 45 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 44 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 30 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 33 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 35 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 34 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 26 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 34 Views
Top