විශ්‍රාම වැටුප් අද සිට - වැටුප් ලබාගන්න ලංගම බස්
Thursday, 10 June 2021 - 10:00 | Views - 542

විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට ආරම්බ වන අතර එය අද(10), හෙට(11) සහ අනිද්දා(12) යන දින වල අදාල මුල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල වලින් ලබා ගත හැකියි.
ඒ අනුව විශ්‍රාම වැටුප් ලබාගැනීමට යන පුද්ගලයින්ට අවසර පත්‍ර අවශ්‍ය නොවන අතර එසේ යාමට නොහැකි පුද්ගලයින්ට ගමන් කිරීමට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
මේ අතර සියලුම රජයේ හා පෞද්ගලික බැංකු සහ තැපැල් කාර්යාල අද (10) සහ හෙට (11) දිනවල විවෘතව තබන අතර තැපැල් කාර්යාල 12 වන සෙනසුරාදා ද විවෘතව තැබීමට නියමිතයි.
විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා විශ්‍රාමික හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ දුරකතනයට එවා ඇති කෙටි පණිවුඩය සංචරණ අවසර පතක් ලෙස භාවිත කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසනවා.
එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අද සහ හෙට සියලුම රජයේ සහ පෞද්ගලික බැංකු මෙන්ම තැපැල් කාර්යාලද ඒ සඳහා විවෘතව තැබිය යුතු බවයි.
එමෙන්ම, අනිද්දා දිනයේදීද සියලුම තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති.
මේ අතර, විශ්‍රාම වැටුප් සහ මහජන ආධාර ලබාදෙන අද සහ හෙට, ඒ සඳහා වන ප්‍රවාහන කටයුතු වෙනුවෙන් පමණක් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සඳහන් කළා.
ඒ සදහා බස් රථ 2750 ක් පමණ දිවයින පුරා යෙදවීමට පියවර ගෙන ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ යුද හමුදාවට අවශ්‍ය බස්රථ ප්‍රාදේශීය ඩිපෝවලින් ලබා ගැනීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article