පරණ පෙම්වතියගේ ගබ්සා සැත්කම කරන්න වුණු අවාසනාවන්ත දොස්තර පෙම්වතාගේ හෙළිදරව්ව
Tuesday, 08 June 2021 - 17:06 | Views - 257
“නැති කරලන්න උඹ දැම්මත් කුරුමානම්
උඹෙ දරුවාට මගේ මුලකුරු නම දීපන් !!”

ජීවිතේ මුල ඉඳන් ලියන්න ගන්න සමහරක් කතාන්දර, ප්‍රබන්ධම නෙවෙයි. අපි නොහිතන, අපිට නොහැගෙන දෙයක් ඒ් කතන්දර ඇතුළේ හැංඟිලා තියෙනවා.

ආපහු ජීවිතේ හදාගන්න බැරි වැරදි දාහක් එක්ක සමහරක් "හීන" අපේ ඇස් පනාපිටටම ඇවිත් යනවා. ඒ්වා අහිමි වුණත් අපි විඳින්න ගන්නවා හදවතින්...

මේ පරණ පෙම්වතියගේ ගබ්සා සැත්කම කරන්න වුනු "දොස්තර කෙනෙක්" වුනු පෙම්වතා ගැන කතාවක්.

මේ කතාව කවියෙන් ලියලා තිබුනේ ලහිරු ගිම්හාන්..

පරණ පෙම්වතියගේ ගබ්සා සැත්කම කිරීමට සිදු වෙච්ච දොස්තර පෙම්වතා ...

අඩවන් නෙතින් පෝළිම අන්තිමට වෙලා
ඉකිලන උඹව දැකලා හුරු පුරුදු නිසා
එකවර නෑවිදින් ඈතින් ඉදලා බලා
අදුනා ගත්තා උඹ මගේ රංකදයි කියා
රෝස පෙති වගේ තිබු මුව අදුරු වෙලා
රනින් හැඩ වෙච්ච කන් පෙති පාළු වෙලා
ස්ට්‍රේට් කරපු දිගු වරලක පලුදු වෙලා
ඇයි මගේ දෙයියෝ ඉන්නේ උඹ නිහඩ වෙලා
ඇතුලට අරන් අතගා මම උඹේ ඔළුව
දැනුනා වසර හතරක පෙර දුටු සිහින
ඔය කුස වදන්නට බැරි වුන මගේ පැතුම
ඇයි අද මරන්නේ ලැබිලත් දරු සුවද
කඩවර දෙවිදුනේ පත්තිනි ගම්බාර
මැණිකේ අමතකද නැගි හිටි සිරිපාද
කල අකුසලේකින් උඹ මං නොපැතුවාට
තාමත් ආදරේ නම් එහෙමමයි උඹට
හයියෙන් වහිද්දි මට උඹ සිහි වෙනවා
අකුණු හඩට උඹෙ බය මතකෙට එනවා
ඉස්සර පැතුම් හිස් අහසේ ලියවෙනවා
අමතක කරත් යලි උඹ මතකෙට එනවා
උඹ මගේ මැණක මයි හැමදාමත් සසර
කොච්චර රිදුම් දුන්නත් මට ඇති පදම
මගේ හිත බිදිලා නැ ඉස්සරටත් වැඩිය
මැණිකේ ආදරේ මං දැන් නම් උඹට
ගැට අන්නාසි මගේ මැණිකට අවධානම්
තනියම ගමන් යන එක තහනම් ඒනම්
නැති කරලන්න උඹ දැම්මත් කුරුමානම්
උඹෙ දරුවාට මගේ මුලකුරු නම දීපන්

හි රු වා

Share This Article
Hiru Tv Blog
වාතය මගින් කොරෝනා බෝ නොවන බවට විද්‍යාත්මක...
Hiru Tv Blog
කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන්වෙන නිශ්චිත...
Hiru Tv Blog
ඔබේ දරුවා සුරක්‍ෂිතද?   දරුවන් පිළිබඳව...
Hiru Tv Blog
දරු පැටියා පාසල් යන්න බෑ කියනවද? පෙර පාසල්...
Hiru Tv Blog
Thursday, 24 December 2020 - 12:31
Hiru Tv Blog 4,385 Views
අපේ උපතේදීම අපි සැවොම කිසියම් රුධිර වර්ගයකට...
Hiru Tv Blog
බුවනි චාපා දියලගොඩ කියන්නේ නිතරම දකින්න ලැබෙන රංගන ශිල්පිණියක් නෙමෙයි. විවාහයත්...
Hiru Tv Blog
හිරු ස්ටාර් සුපිරි තරුව උදාර කෞෂල්‍යය කියන්නේ අද වෙද්දි මුළු රටම දන්න හඳුනන...
Hiru Tv Blog
“මම මේ කතා කරන්නේ ලිංගික ජීවිතේ ගැන නෙමෙයි, ලිංගිකත්වයත් අවශ්‍යයි..!”“හැබැයි...
Hiru Tv Blog
CES 2021: ස්මාර්ට් මුහුණු ආවරණයක් ද ? විඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන රේසර් විසින්...
Hiru Tv Blog
අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ....
Hiru Tv Blog
නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය...
Friday, 18 June 2021
Hiru Tv Blog 45 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 44 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 30 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 33 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 35 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 34 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 26 Views
Friday, 18 June 2021
Hiru Tv Blog 34 Views
Top