''සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින්න" - පොලීසිය ඉල්ලයි
Tuesday, 08 June 2021 - 16:07 | Views - 3,465
අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බව පොලීසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ විවිධ පුද්ගලයන් සහ පාර්ශවයන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරමින් මහජනතාව වෙත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට වාර්තා වී ඇති බවයි.

එහිදී මහජනතාව අතර අසමගිය, වෛරය ඇති කිරීම හා කොවිඩ් 19 වැඩපිළිවෙලට බාධා පැමිණවීම සිදුවන බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ඒ අනුව, සමාජ මාධ්‍ය භාවිත කරමින් සංවිධානාත්මකව හෝ පෞද්ගලිකව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෝ ඒ සඳහා සහය දීම හෝ අනුබල දීම සිදුකිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top