මාළු වෙළඳාමේ මුවාවෙන් අයෙක් කසිප්පු බෙදයි
Tuesday, 08 June 2021 - 12:59 | Views - 514
සංචරණ සීමා පවතින කාලසීමාවේදී හෝමාගම, ගැමුණු මාවත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහිදී ගෝඩා මිලි ලීටර් 610,000ක්, කසිප්පු බෝතල් 32ක් ඇතුළුව කසිප්පු නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක්ද පොලිස් භාරයට ගැනුණා.
මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා මාළු වෙළඳාම් කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් ලබාගෙන මාළු වෙළඳාම් කරන මුවාවෙන් සංචරණ සීමා පවතින කාලසීමාව තුල කසිප්පු බෙදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී අත්අඩංගුවට ගැනුණු 51 හැවිරිදි සැකකරු අද (08) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article