අද සිට ලැබෙන සයිනොෆාම් දෙවන මාත්‍රාව
Tuesday, 08 June 2021 - 10:15 | Views - 1,010

ගත වු දිනයේදි නව ආසාදිතයින් 2,646 හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන දෙලක්ෂ හත්දහස් නමසිය හැත්තෑ නමයක් දක්වා ඉහළ ගියා.
තවත් කොරෝනා මරණ 47 ක් ඊයේ (07) තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගියා.
පසුගිය මැයි 17 වනදා සිට ජූනි හයවනදා දක්වා එම මරණ සිදුව ඇති අතර, කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 26 දෙනෙකු ඊට ඇතුළත්.
එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 35 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර, නිවසේදී මියගිය සංඛ්‍යාව 09ක්.
තවත් තුන්දෙනෙකු මියගොස් ඇත්තේ රෝහල් ගතකරන විටයි.
මේ අතර සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද (08) සිට ආරම්භ කිරීමට නියමිතයි.
එමෙන්ම දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ නිවෙස් වලට වි ආතතියට පත්ව සිටින දරුවන් පරිසරයට යොමු කරන ලෙසට වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා.
මෙම සංචරණ සීමා කාලය දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් කර ගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය ආසිරි හේවා මල්ලගේ ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ.
මෙවර උසස් පෙළ විභාගය සැලසුම් කිරීමේදී සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී වෙනත් වසරවලට වඩා විශේෂත්වයකින් යුතුව, සිසුන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කළයුතු බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය හේතුවෙන් උසස් පෙළ සිසුන් දැඩි අර්බුද රැසකට මුහුණ දී සිටින බවයි.
මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කළ යාපනය මුහම්මදියියා පල්ලියේ භාරකරු ඇතුළු සියලු දෙනාගේ පරිපාලන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
මෙම පල්ලියේ සභාපතිවරයා ඇතුළු පාලකයන් නිරෝධායන නිති උල්ලංඝණය කළ ඇති බවට තහවුරුවීම හේතුවෙනුයි මෙම තීරණය වකුෆ් සභාව ගෙන ඇත්තේ.
මේ අතර විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා සුරක්ෂිත පළමු පෙළ හෝටල් වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරිමට අවසර ලබා දි තිබෙනවා.
Share This Article