විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා - ත්‍රිවිධ හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්
Tuesday, 08 June 2021 - 9:19 | Views - 818
විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා (10) දිනයේ සිදු කෙරෙන අතර, ඒ සඳහා විශ්‍රාමිකයන් අදාළ බැංකු වෙත රැගෙන යාමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා කටයුතු කෙරෙන අතර, අදාළ බැංකු එදින විවෘතව තැබෙනු ඇති.
කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවුවද අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැංකු සේවා අඛණ්ඩව පවත්වාගත යුතු බවට මහ බැංකුව සියලුම බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දීමක්ද සිදුකර තිබෙනවා.
Share This Article