සෙස්නා 150 නැවත නිල් අඹරට (Video)
Monday, 07 June 2021 - 18:04 | Views - 2,684
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීන වරයා කදවුරෙන් ගුවන් ගත කෙරුණු නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා භාවිතා කරන සෙස්නා 150 ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමලයේ නිලවේලි වෙරළ ආසන්නයේ පිහිටි ඉරාක්කන්ඩි ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා.
මෙම හදිස්සි ගොඩ බෑම අද උදෑසන 10.48ට පමණ සිදු කල බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බල ඝන නායක දුශාන් විජේසිංහ පවසන්නේ.
කෙසේ වෙතත් මෙම හදිසි ගොඩ බෑම හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනාට අනතුරක් සිදු වී නොමැති අතර ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් සිදු වීමට අනතුරක් වලක්වා ගැනීමට හැකි වූ බවයි මාධ්‍ය ප්‍රකාශක වරයා පවසන්නේ.
මීට සුළු වෙලාවකට පෙර එම ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂය අලුත් වැඩියා කොට නැවත ගුවන් ගත කල බව ගුවන් හමුදාව සඳහන් කළා.
Share This Article