හෙට සිට දිස්ත්‍රික්ක 12ක කොවිඩ් එන්නත බෙදෙන හැටි
Monday, 07 June 2021 - 17:39 | Views - 789
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලදී සයිනොෆාම් එන්නත ලබාදීම හෙට(08) ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මෙම දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරෙන්නේ ඊයේ උදෑසන මෙරටට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මිලියනයක් හාවිතයෙන්.

තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් ලබන 09 වැනිදා මෙරටට රැගෙන ඒමට නියමිතයි.

එම එන්නත් බස්නාහිර,කුරුණෑගල,රත්නපුර,යාපනය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මැයි මස එන්නත් ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව වශයෙන් ලබා දීමට නියමිතයි.

එසේම හෙට සිට දිස්ත්‍රික්ක 12ක් ආවරණය කරමින් සිදුකරන එන්නත්කරණ වැඩසටහන් වලදී වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ට පුරවැසියන්ට, කොරෝනා මර්ධන වැඩපිලිවෙලේ ඉදිරිපෙළ කටයුතු කරන රජයේ සේවකයින්ට,ඇඟළුම් කම්හල් සේවකයින්ට සහ සංකූලතා නොපෙන්වන ගර්භනී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇති.

එසේම කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීමට ගතයුතු සියලුම ක්‍රියාමාර්ග මේවන විට සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශවලට අනුකූලව ගෙන ඇතත් දිනකට ආසාදිතයින් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සැලකිය යුතු තත්ත්වයක් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.

එසේම රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සාකච්ඡා කර සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණයකරන බවත් යුද හමුදාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top