හෙට සහ අනිද්දාද ක්‍රියාත්මක ස්ටිකර් වැඩසටහන
Monday, 07 June 2021 - 17:21 | Views - 690
අද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කොළඹට ඇතුළු වූ වාහන 70,000 ක් මත ස්ටිකර් අලවා තිබෙනවා.
අද සේවයට නොපැමිණ හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය සේවාවන් වලට කොළඹ නගරයට පැමිණෙන වාහන සඳහාද මෙම වර්ණ එකොළහකින් යුත් ස්ටිකරය ලබා දෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එසේ හෙයින් මෙම වැඩසටහන හෙට (08) සහ අනිද්දා (09) යන දිනයන්හීද ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
Share This Article