අද වැසි තත්ත්වයේ අඩු වීමක් - මේ දක්වා මරණ 17ක් (Video)
Monday, 07 June 2021 - 16:00 | Views - 511
අයහපත් කාලගුණය නිසා ඇතිවූ ආපදාවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10 ක පවුල් 67,613 කට අයත් පුද්ගලයන් දෙලක්ෂ 71,110 කට බලපෑම් එල්ලවී තිබෙනවා.

අයහපත් කාලගුණය නිසා ඇතිවූ සිද්ධීන්වලදී තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 05 ක්.

ආපදා තත්වයන් හේතුවෙන් නිවාස 17 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 978 ක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 106 ක් තුල පුද්ගලයන් 26,806 ක් රඳවා ඇති බවයි.

අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් ඥාති නිවෙස්වල සිටින සංඛ්‍යාව 22,975 ක්.

මේ අතර තද වැසි සහිත තත්වය සමග ජල මට්ටම ඉහළ ගිය ජලාශ රැසක මේ වන විට යථා තත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සඳහන් කළේ ඒ අනුව වාරි ජලාශ වල විවෘත කල වාන් දොරටු යලි ක්‍රමයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

අයහපත් කාලගුණ තත්වයත් සමඟ ජල මට්ටම ඉහළ ගිය කැළණි, කළු ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්ද මේ වනවිට සැළකිය යුතු ලෙස පහළ යමින් පවතිනවා.

බොහෝ ප්‍රදේශවල ගං වතුර තත්වයේ අඩුවීමක් පැවතියද ගං වතුරෙන් තර්ජනයට ලක්ව ඇති පහත්බිම්වල ජනතාව ඒ සම්බන්ධයෙන් තවදුරටත් සැළකිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවලට පනවා ඇති නායයාමේ අවදානම අද පස්වරු 4.30 දක්වා දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

එමෙන්ම, අද දිනය තුල දිවයින පුරා වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top