කොළඹට ඇතුළුවන වාහනවලට ස්ථාන 52 කදී ඇලවෙන ස්ටිකර්
Monday, 07 June 2021 - 14:11 | Views - 385
අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන වාහන සඳහා නව ක්‍රමවේදයක් ඔස්සේ ස්ටිකරයක් හඳුන්වාදීමේ අද සිදුකෙරුණා.

ඒ අනුව ක්ෂේත්‍ර 11ක් මුල් කර ගනිමින් වර්ණ 11කින් යුත් ස්ටිකරයක් ඇලවීම මෙලෙස ක්‍රියාත්මක කෙරුණේ කොළඹට ඇතුළු වන ස්ථාන 52 කදීයි.  

කොළඹට දෛනිකව පැමිණෙන වාහන සංඛ්‍යාව සීමා වී ඇති නමුත් අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන පුද්ගලයින්ට සිදුවන අපහසුතාවයන් මඟ හැරීම සඳහායි පොලීසිය විසින් මෙම ක්‍රමවේදය හඳුන්වාදී ඇත්තේ.

ඒ අනුව, ප්‍රමාදයකින් තොරව රාජකාරි සඳහා වාර්තා කරන පුද්ගලයන්ට මෙම නව ක්‍රමවේදයෙන් පහසුවක් ඇතිවේයැයි අපේක්ෂා කරනවා.

සෞඛ්‍ය සේවා සඳහා කොළ වර්ණය ද, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා නිල් වර්ණය ද, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට රතු වර්ණය ද, අත්‍යාවශ්‍ය සේවා සැපයීමට කහ වර්ණය ද යොදා ගෙන තිබෙනවා.

මීට අමතරව, රාජ්‍ය අංශයේ රාජකාරි සඳහා රෝස වර්ණය ද, ආනයන අපනයන භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුඹුරු වර්ණය ද, පිසූ ආහාර ප්‍රවාහනයට අළු වර්ණය ද, පුද්ගලික අංශයේ රැකියා, බැංකු සහ මූල්‍ය ආයතනය ඇතුළු දම් වර්ණය ද යොදා ගෙන තිබෙනවා.

සන්නිවේදන සහ මාධ්‍ය ආයතන සඳහා තැඹිලි වර්ණය ද, විදේශගත වීම සඳහා සුදු වර්ණය ද, මානුෂීය හේතුන් මත රෝගීන් ප්‍රවාහනය, රෝගීන් බැලීම, අවමංගල්‍ය හෝ වෙනත් කටයුතු සඳහා කළු වර්ණය ද වාහනවල අලවනු ලැබුවා.

මේ අතර, මෙම ක්‍රමවේදය අද දිනයේ සාර්ථකව ක්‍රියාත්මක වුණත්, ඇතැම් ස්ථානවල ස්ටිකර්වල හිඟතාවයක් ද පැවති බව වාර්තා වුණා.

උදෑසන කාලයේ මෙම ස්ටිකරය අලවන ස්ථානයේ යම් වාහන තදබදයක් හටගෙන තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top