කොළඹට ඇතුළුවන වාහනවලට ස්ථාන 52 කදී ඇලවෙන ස්ටිකර්
Monday, 07 June 2021 - 14:11 | Views - 386

අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන වාහන සඳහා නව ක්‍රමවේදයක් ඔස්සේ ස්ටිකරයක් හඳුන්වාදීමේ අද සිදුකෙරුණා.
ඒ අනුව ක්ෂේත්‍ර 11ක් මුල් කර ගනිමින් වර්ණ 11කින් යුත් ස්ටිකරයක් ඇලවීම මෙලෙස ක්‍රියාත්මක කෙරුණේ කොළඹට ඇතුළු වන ස්ථාන 52 කදීයි.
කොළඹට දෛනිකව පැමිණෙන වාහන සංඛ්‍යාව සීමා වී ඇති නමුත් අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන පුද්ගලයින්ට සිදුවන අපහසුතාවයන් මඟ හැරීම සඳහායි පොලීසිය විසින් මෙම ක්‍රමවේදය හඳුන්වාදී ඇත්තේ.
ඒ අනුව, ප්‍රමාදයකින් තොරව රාජකාරි සඳහා වාර්තා කරන පුද්ගලයන්ට මෙම නව ක්‍රමවේදයෙන් පහසුවක් ඇතිවේයැයි අපේක්ෂා කරනවා.
සෞඛ්‍ය සේවා සඳහා කොළ වර්ණය ද, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා නිල් වර්ණය ද, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට රතු වර්ණය ද, අත්‍යාවශ්‍ය සේවා සැපයීමට කහ වර්ණය ද යොදා ගෙන තිබෙනවා.
මීට අමතරව, රාජ්‍ය අංශයේ රාජකාරි සඳහා රෝස වර්ණය ද, ආනයන අපනයන භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුඹුරු වර්ණය ද, පිසූ ආහාර ප්‍රවාහනයට අළු වර්ණය ද, පුද්ගලික අංශයේ රැකියා, බැංකු සහ මූල්‍ය ආයතනය ඇතුළු දම් වර්ණය ද යොදා ගෙන තිබෙනවා.
සන්නිවේදන සහ මාධ්‍ය ආයතන සඳහා තැඹිලි වර්ණය ද, විදේශගත වීම සඳහා සුදු වර්ණය ද, මානුෂීය හේතුන් මත රෝගීන් ප්‍රවාහනය, රෝගීන් බැලීම, අවමංගල්‍ය හෝ වෙනත් කටයුතු සඳහා කළු වර්ණය ද වාහනවල අලවනු ලැබුවා.
මේ අතර, මෙම ක්‍රමවේදය අද දිනයේ සාර්ථකව ක්‍රියාත්මක වුණත්, ඇතැම් ස්ථානවල ස්ටිකර්වල හිඟතාවයක් ද පැවති බව වාර්තා වුණා.
උදෑසන කාලයේ මෙම ස්ටිකරය අලවන ස්ථානයේ යම් වාහන තදබදයක් හටගෙන තිබුණා.
Share This Article