සිය දියණිය සමඟ ළිඳට පැන දිවි හානි කරගත් මවක් (Video)
Saturday, 05 June 2021 - 22:22 | Views - 328
මිල්ලනිය - ඉඹුලහේන ප්‍රදේශයේ මවක් සිය 5 හැවිරිදි දියණිය සමඟ නිවසේ පිහිටි ලිඳට පැන දිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද අලුයම මොවුන් දෙදෙනාගේ සිරුරු සොයා ගත් බවයි.

35 හැවිරිදි මව වසර 19 ක කාලයක් තිස්සේ යම් අසනීප තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, ඇය මෙලෙස මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ඇයගේ සැමියා මීට පෙර මියගොස් ඇති අතර අතර ඇයට තවත් පුතෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ කාන්තාවක් ද ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා. 24 හැවිරිදි මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, හබරණ - කාශ්‍යපගම ප්‍රදේශයේ පුද්ගලයෙකු අද හබරන පොලීසියට භාරවී තිබුණේ ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කළ බවට පවසමින්. ඇයගේ සිරුර අසල පිහිටි ළිඳක තිබී පසුව හමුව තිබුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top