ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවයි (Video)
Saturday, 05 June 2021 - 21:53 | Views - 242
මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන අද ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගියා.

ඒ නව ආසාදිතයින් 2280 දෙනෙකු හදුනාගැනීමත් සමඟයි.

මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 201,534 ක් ලෙස මේ වනවිට සටහන් වන අතර,

ඒ අනුව, ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිතයින් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවූ 78 වන රට ලෙසටයි දැක්වෙන්නේ.

අද දිනයේදි ආසාදිතයින් 1851 ක් සුවය ලැබිමත් සමඟ මෙරට සුවය ලැබු පිරිස එක් ලක්ෂ 66 දහස දක්වා ඉහළ ගියා.

මේ අතර, කොවිඩ් ආසාදිත මෘත දේහයක් අවසන් කටයුතු සඳහා රැගෙන යමින් තිබු ගිලන් රථයකට ආරක්ෂාව සැපයු වෑන් රථයක් වටවල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන්ගත් පොලිස් නිලධාරීයෙක් අද අලුයම ජීවිතක්ෂයට පත්වුණා.

පාදුක්ක සතිපොළ භූමියේ සිදුකළ කොවිඩ් පරීක්ෂණ 220කින් 175 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව හදුනාගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිදුකළ කොවිඩ් පරීක්ෂණ 63 කින් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හදුනාගෙන තිබෙනවා.

මේ අතර, ඉදිරියේදි මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ.

සංචරණ සීමා පැනවීමත් සමග පීඩාවට පත් අඩුආදායම් ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම ප්‍රදේශ කිහිපයකදී අදත් සිදුකෙරුණා.

කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත තවත් ආධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට පල්ස් ඔක්සිලේටර් 1200ක්, අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ අයිතම අටලක්ෂ 80,000 ක් අයත් වන බවයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

අදාළ වෛද්‍ය ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක්. මීට පෙර ද එක්සත් ජනපද රජය කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 11.3 ක ආධාර ලබාදුන් අතර, අසාධ්‍ය රෝගීන් සඳහා පරිත්‍යාග කළ වෙන්ටිලේටර් 200 ක් ද ඊට ඇතුළත්.

අද ශ්‍රී ලංකාව මෙන්ම, පාකිස්ථානය සහ මාලදිවයින වෙත ද ඇමෙරිකාවේ මෙම ආධාර හිමිවනවා. මේ අතර ,අදියර 4 ක් යටතේ පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙවැනි සාවද්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top