පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෙට සහ අනිද්දා
Friday, 04 June 2021 - 16:37 | Views - 5,387
ජගත් පරිසර දිනය නිමිත්තෙන් හෙට සහ අනිද්දා දිනවලදී සියලුම නිවාස හා ගෙවතු ඇතුළත් පරිශ්‍ර, මදුරුවන්ගෙන් තොර ස්ථාන බවට පත් කිරීම සඳහා පිරිසිදු කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා මහජනතාව එක්රැස් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් මෙම තීරණයට එළඹි බවයි.
පරිසරයට පැය 48 ක් තේමාව යටතේ හුස්ම පොදයි පරිසරයයි නමින් මෙම දෙදින පරිසර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
පවතින මෝසම් වර්ෂාවත් සමඟ තවත් මාස දෙකකින් පමණ ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ද, පවතින අතර, පවතින කොරෝනා වසංගතය හමුවේ ඒ පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
හෙටට යෙදෙන ජගත් පරිසර දිනයේ මෙවර තේමාව අපේ පරිසර පද්ධති සුරකිමු යන්නයි.
Share This Article