පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෙට සහ අනිද්දා
Friday, 04 June 2021 - 16:37 | Views - 5,388
ජගත් පරිසර දිනය නිමිත්තෙන් හෙට සහ අනිද්දා දිනවලදී සියලුම නිවාස හා ගෙවතු ඇතුළත් පරිශ්‍ර, මදුරුවන්ගෙන් තොර ස්ථාන බවට පත් කිරීම සඳහා පිරිසිදු කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා මහජනතාව එක්රැස් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් මෙම තීරණයට එළඹි බවයි.

පරිසරයට පැය 48 ක් තේමාව යටතේ හුස්ම පොදයි පරිසරයයි නමින් මෙම දෙදින පරිසර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

පවතින මෝසම් වර්ෂාවත් සමඟ තවත් මාස දෙකකින් පමණ ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ද, පවතින අතර, පවතින කොරෝනා වසංගතය හමුවේ ඒ පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

හෙටට යෙදෙන ජගත් පරිසර දිනයේ මෙවර තේමාව අපේ පරිසර පද්ධති සුරකිමු යන්නයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top