බියගම - කඩුවෙල මාර්ගය ජලයෙන් යටවෙයි
Friday, 04 June 2021 - 11:40 | Views - 914
බියගම - කඩුවෙල මාර්ගය ජලයෙන් යටවීම නිසා අධිවේගී මාර්ගයේ කඩවත දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකියි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා සහ ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, කළු, කැළණි, ගිං යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර, දැදුරු ඔය සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.
Share This Article