චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 6ක් අත්අඩංගුවට
Friday, 04 June 2021 - 11:17 | Views - 812
කොළඹ තරු හෝටලයකදී චන්දිමාල් ජයසිංහ විසින් පැවැත්වූ උපන්දිය සාදයට සහභාගී වූ බවට සැකපිට අද දිනයේ තවත් 6 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 3ක් පිරිමි පුද්ගලයන් 3ක් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
මීට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.
කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article