පැවති අයහපත් කාලගුණ තත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක පහත් බිම් ඊයේ රාත්‍රියේ ජලයෙන් යටවුණා.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, මහරගම, කඩුවෙල, ජයවර්ධනපුර ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ දැඩි වර්ෂාව හේතුවෙනුයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, කිරිබත්ගොඩ , පැලියගොඩ ඇතුලු බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, කළුගඟේ ජල මට්ටම ඉහළයාමෙන් ඉංගිරිය, හොරණ, බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, මිල්ලනිය සහ පාලින්දනුවර පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.