සංචරණ සීමා පැවතීමත් සමඟ අර්බුදයට ලක්ව ඇති ඇතැම් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගෙන මහජනතාවට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කර ඇති පැපොල්, කෙසෙල්, මඤ්ඤොක්කා, පළතුරු, එළවළු අස්වනු නෙලා ගත්ත ද ඒවා බෙදා හැරීම සඳහා ගැණුම්කරුවන්ට පැමිණීමට ඇති අපහසුව සලකායි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව ජනතාවට මෙන්ම කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම සඳහා කැපවී සිටින සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩලයට ඒවා නොමිලේ බෙදාදීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.