නිරෝධායනයට පාර කැපු උපන්දින සාදය (Video)
Thursday, 03 June 2021 - 10:32 | Views - 385
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපහේ හෝටලයක සිය උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ ඊට සහභාගි වූ නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළු 15 දෙනා  නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ මෙම පිරිස සති දෙකක කාලයක් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිත බවයි.

සංචරණ සීමා කඩ කරමින් මෙම සාදයට සහභාගි වීමේ චෝදනාව මත ඊයේ අත්අඩංගුවට ගත් 6 දෙනා සහ අද පොලිස් භාරයට පත්වූ 7 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය නියෝග කළේ සැකකරුවන් 13 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි. එලෙස අත්අඩංගුවට පත්වූ පිරිසට කාන්තාවන් දෙදෙනෙකු ද අයත්. මෙම උපන් දින සාදය සංවිධානය කළ රූපලාවල්‍ය ශිල්පියා සහ නිරූපන ශිල්පිනිය මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.

නඩුව අද කැදවූ අවස්ථාවේදී පොලීසිය කරුණු දක්වමින් ප්‍රකාශ කළේ රට පුරා සංචරණ සීමා පනවා තිබෙන අවස්ථාවක උපන් දින සාද පැවැත්වීමට නීතියට පටහැනි බවයි.

ඒ අනුව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පර්යේෂණ සිදුකරන බව ප්‍රකාශ කළ පොලීසිය,  මෙම සැකකරුවන් බන්ධනාගාරය මාර්ගයෙන් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී සැකකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කරුණු දක්වමින් සදහන් කළේ සැකකරුවන් නිරෝධායනය සඳහා යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය නොමැති බවයි.

නිරෝධායන නීති උල්ලංගණය කරමින් කටයුතු කළ කුරුණෑගල නගරාධිපතිවරයා මේ දක්වා අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙහිදී පොලීසිය ඇමතූ අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුවන් නිරෝධායනය සඳහා යොමු කිරීමට බලයක් මහේස්ත්‍රාත්වරයෙකුට නොමැති බවයි.

පසුගිය වසරේ මාර්තු 18 වන දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පුද්ගලයෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට බලය පොලීසියට පවරා දී ඇති බවත් එම බලතල අනුගමනය කරමින් පොලීසියට අවශ්‍ය වූ විට සැකකරුවන් නිරෝධායනයට යොමු කළ හැකි බවත්, මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා.

එම බලතල අනුගමනය කරමින් පොලීසියට අවශ්‍ය නම් සැකකරුවන් නිරෝධායනයට යොමු කළ හැකි බව කී අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නිරෝධානය ක්‍රියාමාර්ග ඔවුන් විසින් උල්ලංඝණය කරන්නේ නම් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පොලීසියට හැකියාව පවතින බව පෙන්වා දුන්නා.

මෙම තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දෙන්නේ නම් එය නිවැරදිව ප්‍රකාශ කරන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය පොලීසියට නියෝග කළේ. සිද්ධියට අදාළ නඩුව යළි කැදවීම අගෝස්තු මස 27 වන දා දක්වා කල් තැබුණා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top