තවත් දැවැන්ත නෞකාවක් මුහුද මැද ගිනි ගනී
Wednesday, 02 June 2021 - 15:18 | Views - 763
ගිනිගෙන ඇත්තේ යුද නෞකාවක්..
මැඩ පවත්වන්න කළ උත්සහය වතුරේ යයි...

ඉරාන නාවික හමුදාවට අයත් දැවැන්තම යුද නෞකාව වන "කාර්ග්" නම් නෞකාව, හදිසි ගින්නක් හටගැනීමෙන් අනතුරුව මුහුදේ ගිලී තිබෙනවා.

මෙම නෞකාව ගිලී ඇත්තේ ඕමාන් බොක්ක අසළදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාන මාධ්‍ය වාර්තා අනුව ඊයේ (01) පස්වරුවේ කාර්ග් නම් මෙම නෞකාව ජැස්ක් වරාය අසළ පුහුණු මෙහෙයුමක නිරතව සිටියදීයි අනතුරට පත්ව ඇත්තේ.

ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් කොපමණ උත්සහ දැරුවත් එය සාර්ථක වී නැහැ.

පැය 20ක මෙහෙයුම් අඩාල වීමෙන් අනතුරුව අද උදෑසන මෙම දැවැන්ත නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගිලී තිබෙනවා.

ගින්න ආරම්භ වූ අයුරු තවමත් අනාවරණය වී නොමැති අතර, ගින්න හටගන්නා අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ සිසුන් 400 ක් පමණ සිටි බව සඳහන්.

ඉරාන මාධ්‍ය සඳහන් කරන්නේ නැවියන් 20 දෙනෙකුට පිළිස්සුම් තුවාල ඇති වූ නමුත් කිසිවෙකුට බරපතල තුවාල සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත්, ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ඡායාරූප මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ සංචරණය වෙමින් පවතිනවා.

කාර්ග්, ඉරානය සතු දැවැන්තම නෞකාව වන අතර, මෙය ඉරානයට සිදුවූ දැවැන්තම ව්‍යසනය බවයි ඩේලිමේල් සඳහන් කරන්නේ.

ගින්න හටගත් නෞකාව තුළ අධීවේගී මිසයිල ප්‍රහාරක යාත්‍රා හතක් පමණ තිබූ බවත් සඳහන්.

Dailymail ඇසුරිනි...

No description available.

No description available.


No description available.


No description available.

Iran's biggest navy ship sinks after fire in Gulf of Oman - media | Reuters


On board fire sinks largest ship in Iranian navy in Gulf of Oman -  www.israelhayom.com
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top