චන්දිමාල් ජයසිංහගේ රියදුරු අත්අඩංගුවට
Wednesday, 02 June 2021 - 13:42 | Views - 562
මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රියදුරු අද (02) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දී අන්තරාදායක රිය පැදවීම යන වැරදි මත මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් පසුගිය දා කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයකට අදාළව චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන අය කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම අවස්ථාවේදී අධිකරණය මඟින් ඔවුන්ට ඇප ලබාදීමෙන් පසුව චන්දිමාල් ජයසිංහ මහතා තම රථයෙන් ගමන් කිරීමේ දී මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සිදු කර තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

ඒ අනුව කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයක දී චන්දිමාල් ජයසිංහගේ රියදුරු අන්තරාදායක ලෙස රිය ධාවනය කරන අයුරු අනාවරණය වී තිබූ බවද , පසුව අද දිනයේ දී අදාළ රියදුරු හා රථය පොලිස් භාරයට ගත්බව ද වැඩිදුරටත් සඳහන් වුණා.

එසේම සැකකරු අද (02) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු වරද පිළිගැනීමෙන් පසු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රු 12,500ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top