නාඩගමක් නැටු සාදයට පැමිණි මන්ත්‍රීවරියගේ තොරතුරු එළියට
Wednesday, 02 June 2021 - 11:01 | Views - 1,135
චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදය ගැන මේ වෙද්දි රටම කතා වෙනවා.
 
බොහෝ දෙනෙක් කතා වෙන්නේ මේ සාදය ගැන නෙවෙයි.. මේ සාදය පවත්වපු, මේ සාදයට සහභාගී වුණු අයට නීතිය ක්‍රියාත්මක වුණු හැටි ගැනයි.‍
 
පොඩි මිනිහට එක නීතියකුත් ලොකු ලොකු මිනිස්සුන්ට තව නීතියකුත් කියන එක මේ සිද්ධියෙන් මනාවට පැහැදිලි වුණා.
 
කොහොම වුණත් මේ සාදයට එකතු වුණු දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ඉන්නවා.

සමගි ජන බලවේගය නියෝජනය කරන භාගේෂ්වරී මධුෂිකා ගුණසේකර සහ ඔහුගේ සැමියා වන චමල් ගුණසේකර මෙම සාදයට සහභාගී වෙලා.

රට හදන්න කියලා ඡන්දේ ඉල්ලලා ප්‍රාදේශීය සභාවට ඇවිත් මේ විදිහට වැඩ කරනවානම් එතනින් එහා ගැන කියන්න ඕනෙද..?
 
සමාජය ඇතුලට ගිහින් මේ මන්ත්‍රීවරු පෙන්වන ස්වරූපය සැබෑ ස්වරූපය නෙවෙයි කියන එක මිනිස්සු තේරුම්ගන්න ඕනේ..
 
මොකද රටටම සංචරණ නීති පනවලා තියෙද්දි වගකිව යුතු මිනිස්සුත් ඒවා අමු අමුවේ උල්ලංඝනය කරනවානම් අනිත් මිනිස්සු ගැන කවර කතාද..?
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සිය අනන්‍යතාවය හෙළිවීම වලක්වා ගැනීම සඳහා කොටුව පොලිසියට නම ලබාදී තිබෙන්නේ මධුෂිකා ගුණසේකර යනුවෙන්.
 
ඇයගේ සැමියා නම ලබාදී ඇත්තේ චමල් සුශාන්ත නමින්.
 
නිරෝධායනය සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය තිස්වැනිදා රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක චන්දිමාල්ගේ මෙම උපන්දින සාදය සංවිධාන කර තිබුණා.
 
මේ සම්බන්ධව අත්අඩංගුවට ගැණුනු චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලී අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහැරුනා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top