ගම් වදින අලින්ගෙන් ජනතාවට දැඩි අපහසුතා
Wednesday, 02 June 2021 - 10:32 | Views - 213
අලි වැට ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් හිඟුරක්ගොඩ - ඉලුක්වැව - මහසෙන්ගම ගම්මානයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිට වන අලි ගම්වැදීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ හේන් ගොවිතැන කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි ගම්වාසීන් කියා සිටියේ.
මේ අතර, හක්කපටස් යෙදූ ආහාර ගෙන මිය ගොස් සිටි අලි පැටවෙකුගේ සිරුරක් කහටගස්දිගිලිය - දහනක්කෑව ගම්මානයේ හේන් යායක තිබී සොයාගෙන තිබෙනවා.
ඊයේ සොයා ගත් වන අලි පැටවා වයස අවුරුදු 4ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
Share This Article