"උණ ඇගපත වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.."
ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන මෙරට තුන්වැනි කොරෝනා රැල්ල හෙවත් අලූත් අවුරුදු පොකුරෙන් ඉකුත් මැයි මස පළමු වැනිදා සිට 31 වැනිදා දක්වා කොරෝනා ආසාදිතයන් 74,984 ක් වාර්තා වී ඇති අතර එකී මාසයක කාල සීමාව තුළ මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 776 කි.
මෙම ආසාදිතයන් ගණනට විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගණනද එකතු කළ විට ගෙවුණු මාසය තුළ මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 76,968 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව පෙනී යයි.
මේ වන විට වසංගත රෝග විද්‍යා ඒකකය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේම ඇතැම් පාර්ශ්ව වෙතින් නිවැරදි දත්ත ඉදිරිපත් නොකරන බවට චෝදනා එල්ල වෙමින් පවතින අතර ඒ අනුව මෙම සංඛ්‍යාවන් තවදුරටත් ඉහළ යා හැකි තත්ත්වයක්ද පවතී.
පවතින දත්ත අනුව ගෙවී ගිය මාසය කාලය තුළ ආසාදිතයන් වාර්තා වීම සහ මරණ සංඛ්‍යාව එසේ වෙද්දී ගෙවී ගිය සතිය තුළ පමණක් මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 249 ක් වන අතර එම සතිය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 19,003 කි. කොරෝනා ආසාදිත මරණ 42 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබූ බව පෙරේදා (31 වැනිදා) රාත්‍රියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පවතින මෙම ප්‍රබල වසංගත තත්ත්වය යම්දුරකට පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ කරුණු දැක්වීම් අනුව ඉකුත් 21 වැනිදා සිට ලබන 07 වැනිදා දක්වා දින දහහතක කාලයක් රටපුරා දැඩි සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කරනු ලැබිණි.
එම සංචරණ සීමා පනවා තිබෙන කාල සීමාව තුළ ඖෂධ හල් හැර අනෙකුත් සියලූම වෙළෙඳ ආයතන වසා දැමිය යුතු බවට දැනුම් දෙමින් ජනතා අවශ්‍යතා සපුරාලීමට රජය වැඩපිළිවෙළක් සකස් කළද සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුළ ඇතැම් අත්‍යවශ්‍ය නොවන ආයතනද පවත්වාගෙන යෑමට ඉඩ ලබාදී තිබීම හේතුවෙන් මේ වන විට ගැටලූ සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එසේම රාජ්‍ය අංශයේ සේවකයන් සේවයට කැඳවීම සඳහා ලිපි නිකුත් කිරීමේදී ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන් අදාළ සේවකයන් සේවයට කැඳවන දින සටහන් නොකර ලිපි නිකුත් කිරීම හේතුවෙන්ද රජයේ සංචරණ සීමා පැනවීමේ ක්‍රියාවලිය අඩාල වන අන්දමේ ගැටලූ ඇතිවී තිබේ.
මේ අතර කොරෝනා රෝග ලක්ෂණ ලෙස ඩෙංගු රෝග ලක්ෂණද ඇතිවිය හැකි බැවින් උණ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් නිවසේ සිට රෝග නිශ්චය කිරීමට යෑමෙන් වළකින ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ සඳහන් කරති. එවන් රෝග ලක්ෂණ පවතී නම් වහාම ළඟම ඇති රෝහලකට හෝ වෛද්‍යවරයකු වෙත යොමුවන ලෙසද ඔවුහු ජනතාවට දන්වා සිටිති.
ඉදිරියේදී රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින දහයක කාලයක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා ගැනීමෙන් අනතුරුව නිවෙස් වෙත යැවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
අවශ්‍යතාවක් මතු නොවන හෙයින් මෙහිදී එසේ පිටත් කර යවන පුද්ගලයන් පී. සී. ආර්. පරීක්ෂණවලට ලක් නොකිරීමටද සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.
මේ අතර පවතින තත්ත්වය යටතේ ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා දීම සුදුසු බවට විශේෂඥ කමිටුවක් මගින් නිර්දේශ කරනු ලැබූ බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ සඳහන් කළේය.
රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ අනුව මහනුවර ප්‍රදේශයේ ජනතාවට ස්පුට්නික් එන්නත ලබාදීමේදී එක් මාත්‍රාවක් වුව ලබා ගැනීමට කැමති බවට ලිඛිත ප්‍රකාශයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.
රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ පෙරේදා (31 වැනිදා) දිනයේ පමණක් මෙරට පුද්ගලයන් 84,565 දෙනකුට එන්නත් ලබාදීමටද පියවර ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මෙය එක් දිනක් තුළ වැඩිම පිරිසකට එන්නත් ලබාදුන් අවස්ථාව වන බවය
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 1631 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගිය බව ඊයේ පස්වරු 6.00 පමණ වන විට සෞඛ්‍ය අංශ සඳහන් කළේය. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව 153,371 දක්වා ඉහළ ගියේය. එසේම අලූත් අවුරුදු පොකුර හෙවත් මෙරට කොරෝනා තුන්වැනි රැල්ලෙන් තවත් ආසාදිතයන් 1989 දෙනකු අලූතින් හඳුනාගත් බව ජාතික කොරෝනා මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ පස්වරු 6.15 වන විට සඳහන් කළේය.
එම ආසාදිතයන් සංඛ්‍යාවත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණනද 188352 දක්වා වැඩි විය.
සමන් ගමගේ