නාඳුනන මළ සිරුරු දෙකක් ගාල්ලෙන් හමුවෙයි
Tuesday, 01 June 2021 - 11:19 | Views - 161
ඌරගස්මන්හන්දිය සහ බද්දේගම ප්‍රදේශවලදී ඊයේ (31) නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇතැයි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.
ඌරගස්මන්හන්දිය රන්තොටුවිල හොරවල ඇලේ තිබී එක් මළ සිරුරක් මෙසේ හමුවී ඇති අතර ඌරගස්මන්හන්දිය පොලිසිය පැවසුවේ එය දින හතරකට පමණ පෙර මියයන්නට ඇතැයි සැක කරන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි.
මෙම මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මළ සිරුර ඇල්පිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මේ අතර හමු වූ අනෙක් මළ සිරුර බද්දේගම අම්පේගම ප්‍රදේශයේ වත්තක දොල පාරක තිබී හමු වූ අතර වත්තේ මුරකරු දැක එය පොලිසියට දන්වා ඇති බව සඳහන්. එසේම හමු වන අවස්ථාවේ ද මළ සිරුර නරක් වී තිබුණු බව වැඩිදුරටත් සඳහන්.
දැනට එම මළ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙන බවද සඳහන්.
මෙම මළ සිරුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඌරගස්මන්හන්දිය සහ බද්දේගම පොලිස් ස්ථාන මඟින් සිදුකෙරෙනු ලබනවා.
Share This Article