නාඳුනන මළ සිරුරු දෙකක් ගාල්ලෙන් හමුවෙයි
Tuesday, 01 June 2021 - 11:19 | Views - 162
ඌරගස්මන්හන්දිය සහ බද්දේගම ප්‍රදේශවලදී ඊයේ (31) නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇතැයි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

ඌරගස්මන්හන්දිය රන්තොටුවිල හොරවල ඇලේ තිබී එක් මළ සිරුරක් මෙසේ හමුවී ඇති අතර ඌරගස්මන්හන්දිය පොලිසිය පැවසුවේ එය දින හතරකට පමණ පෙර මියයන්නට ඇතැයි සැක කරන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි.

මෙම මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මළ සිරුර ඇල්පිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර හමු වූ අනෙක් මළ සිරුර බද්දේගම අම්පේගම ප්‍රදේශයේ වත්තක දොල පාරක තිබී හමු වූ අතර වත්තේ මුරකරු දැක එය පොලිසියට දන්වා ඇති බව සඳහන්. එසේම හමු වන අවස්ථාවේ ද මළ සිරුර නරක් වී තිබුණු බව වැඩිදුරටත් සඳහන්.

දැනට එම මළ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙන බවද සඳහන්.

මෙම මළ සිරුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඌරගස්මන්හන්දිය සහ බද්දේගම පොලිස් ස්ථාන මඟින් සිදුකෙරෙනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top