අත්‍යවශ්‍යම අය පමණක් සේවයට කැඳවන්න - රාජ්‍ය සේවා ලේකම් ඉල්ලයි
Tuesday, 01 June 2021 - 8:46 | Views - 855
අත්‍යවශ්‍යම සේවා සඳහා පමණක් අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස රාජ්‍ය සේවා අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් යළි ඉල්ලීමක් කළා.
ඒ, මේ දිනවල කොළඹ නගරයට විශාල වශයෙන් රථවාහන පැමිණීම සැළකිල්ලට ගනිමින්.
ඊයේ (31) උදෑසන 6.30 සිට 10.30 දක්වා පැය හතරක කාලය තුළ පමණක් බස්නාහිර පළාතට රථවාහන 55,944 ක් ඇතුලුවී තිබෙනවා.
ඉන් වැඩිම ප්‍රමාණයක් සෞඛ්‍ය සේවයට අදාළ ඒවා වන අතර, වාහන 3528 ක් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පැමිණි ඒවා නොවන බවට හෙළිවූ බවයි පොලිසිය සඳහන් කළේ.
Share This Article