අත්අඩංගුවට පත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලිට ලැබුණු තීන්දුව (Video)
Monday, 31 May 2021 - 13:48 | Views - 1,143
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීමේ චෝදනවාට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔවුන් දෙදෙනා අද (31) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රට තුල මේ වනවිට පනවා ඇති නිරෝධායන නීතිය නොතකමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනා කොටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් වන නඩුව ලබන 08 වන මස 21 වන දින යළි කැඳවීමට නියමිතයි.
Share This Article