සංචරණ සීමා ලිහිල් නොවුවද ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත වෙයි
Monday, 31 May 2021 - 8:20 | Views - 548

දැනට මුළු දිවයිනටම පනවා ඇති සංචරණ සීමා අද දිනයේ ලිහිල් කිරීමක් සිදු නොවන බව රජය ප්‍රකාශ කළා.
ජුනි මස 07 වනදා දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පනවා තිබූ අතර රජය මීට පෙර ප්‍රකාශ කළේ අද (31) සහ ලබන මස 04 වනදා පැය 19ක කාලයක් සඳහා එම සංචරණ සීමා ලිහිල් කරන බවයි.
කෙසේ වෙතත් පසුගිය 25 වනදා සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේදී ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් කරනු ලැබූ අධ්‍යයනයෙන් පසු අද සහ ජූනි මස 04 වනදා සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජය පසුව තීරණය කළා.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග මිලදී ගැනීම සඳහා ජංගම රථ හරහා නිවෙස් වෙතට ගෙන ඒමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා ජංගම වෙළදුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ (30) මෙන්ම අදත් (31) ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි රජය කියා සිටියේ.
ඒ අනුව තොග වෙළදුන්ට සහ ජංගම වෙළදුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතේ පවතින පෑලියගොඩ මැනිං වෙළදපොළ, පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළ, නාරාහේන්පිට, මීගොඩ, වැලිසර, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන විවෘත වනු ඇති.
මීට අමතරව කැප්පෙටිපොළ, ඇඹිලිපිටිය, නුවරඑළිය, තඹුත්තේගම, දඹුල්ල සහ බණ්ඩාරවෙල විශේෂ තොග වෙළද මධ්‍යස්ථානය ද අදත් විවෘත වනවා.
පොලීසිය සඳහන් කළේ බලපත්‍ර ලබා ගත් තොග වෙළදුන්ට සහ ජංගම වෙළදුන්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ අදත් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතින බවයි.
එසේම ජංගම වෙළදසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව සමූහ වශයෙන් ඒකරාශී වීම සිදුනොකරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.
ඒ අනුව එලෙස සමූහ වශයෙන් ජංගම වෙළදසැල් අවට පුද්ගලයින් ඒකරාශී වුවහොත් නිරෝධායන නීති රීති කඩ කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
මේ අතර, නිරෝධායන නීති රීති කඩ කළ තවත් පුද්ගලයින් 755ක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article