වෛද්‍යවරියගේ රාජකාරියට බාධා කළ සමන් ලාල් රිමාන්ඩ් (Video)
Friday, 28 May 2021 - 17:42 | Views - 205
කොරෝනා එන්නත්කරණය අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු අද දහවල් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන් දුරුගොඩ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ඊයේ මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.

ඊයේ එන්නත්කරණ වැඩසටහන අතරතුර උණුසුම් තත්වයක් ඇතිවූයේ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමඟයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය නිලධාරින් විසින් පොලීසියට පැමිණිලි කළ අතර, ඒ අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වුණේ. කෙසේ වෙතත් නගරාධිපතිවරයා අද උදෑසන ගල්කිස්ස පොලීසිය වෙත භාරවුණා.  

අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිවරයා මේ වනවිට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ජුනි මස 11 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කලේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top