ගිනි ගත් නැවෙන් වන පරිසර හානිය අවම කිරීමට සැළසුම්
Friday, 28 May 2021 - 13:04 | Views - 162
ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වුවහොත් ඉන් සිදුවිය හැකි පරිසර හානිය අවම කරගැනීම සඳහා මේ වනවිට විශේෂ අවධානයක් යොමුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර ප්‍රකාශ කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසයරට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිම සඳහා කොළඹ වරාය පොලීසිය වෙත එම අධිකාරිය පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

නෞකාවෙන් සාගර ජලයට අපද්‍රව්‍ය එකතුවීම නිසා මීගමු කලපුව ආරක්ෂා කර ගැනීමට එම මුහුද සීමාව අතර කොටසට ඊයේ වැලි කොට්ට දමා වෙන් කරනු ලැබුවා.

මේ වනවිට නෞකාවේ ඉංජිනේරු කුටිය සහ පාලක මැදිරිය ඇතුළු බහාලුම් සියල්ලම පාහේ ගිනිගෙන අවසන්.

මේ අතර, නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා මතුව තිබෙනවා.  

කොළඹ වරායේ සිට වයඹ දෙසට නැංගුරම් ලා තිබියදී මෙම නෞකාව ගිනි ගැනීමට ලක්වුයේ  පසුගිය 19 වනදායි.

ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදට වැටී මීගමුවේ සිට පුත්තලම දක්වා වෙරළ තීරයට ගොඩගසන ලද සුන්බුන් වෙන් කිරීමේ ක්‍රියාන්විතයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන බල සේනාංකය විසින් ඊයේ ආරම්භ කරනු ලැබුවා.

සමුද්‍රිය පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ උපදේශකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙන අතර, 450 ක පමණ භට පිරිසක් සහ නිලධාරීන් මෙම කටයුත්ත සඳහා යොදවා ඇති බවයි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා සඳහන් කළේ.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top