දිනෙන් දින වැඩි වෙමින් ඉහළ යන සමස්තය
Friday, 28 May 2021 - 9:16 | Views - 459
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 27ක් ඊයේ (27) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1325ක් ලෙසටයි.ඒ අතරින් මරණ 4ක් ඊයේ දිනයේදී සිදුවී තිබෙනවා.ඔවුන් බඩල්කුඹුර, බේරුවල සහ මාතලේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 64, 76 සහ 69 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවක් බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.



Share This Article