"මිස් කෝල් " පෙම්වතා පාසැල් දැරිය කෙළෙසයි
Tuesday, 25 May 2021 - 12:59 | Views - 531
මගහැරුණු ජංගම දුරකථන ඇමතුමකින් ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවයක් මත පහළොස් හැවිරිදි බාලවයසක්කාර දැරියකගේ නිවසට පැමිණ එම දැරිවිය දුෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භකොට ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙකී දැරිවිය යක්කලමුල්ල ඇල්ල ඉහල, එනසාල්වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහළොවක් හා මාස 9ක් වියැති පාසල් දැරියක්. දැරිය එම ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන අතර මීට වසරකට පමණ ඉහතදී මගහැරුණු ජංගම දුරකථන ඇමතුමකින් පෙම්වතා දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන තිබෙනවා.
පෙම්වතා අකුරැස්ස බංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දැරියගේ මව්පියන් දෙදෙනාම කුලී වැඩ කරන අය වෙති. ඔවුන් කුලී වැඩවලට ගොස් සිටින අතරේ සැකකාර පෙම්වතා දැරියගේ නිවසට දින දෙකක් පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් සදහන්. දැරියගේ නිවස තුළදී ඇය දූෂණයට ලක්කොට තිබෙනවා. මෙකී දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමෙන් පසු දුෂණයට ලක්කොට ඇති බව තහවුරු වී තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Share This Article