අධික වර්ෂාව හේතුවෙන් නිවාස රැසකට හානි
Tuesday, 25 May 2021 - 12:34 | Views - 526
වටවල පොලිස් වසමට අයත් හුදකලා කර ඇති වැලිඔය වත්ත පහල කොටසේ වතු නිවාස පේලියක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස රැසකට හානි සිදු වී තිබෙනවා.
මේ අතර බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය ඊයේ (24) රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇති බවත්, ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්වි විවෘත කර ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ.
Share This Article