හුදෙකලා ප්‍රදේශවල රෝගීන්ට සෞඛ්‍ය පහසුකම් නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක්
Tuesday, 25 May 2021 - 9:15 | Views - 494
නව කොරෝනා ආසාදිතයින් 2971 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 67,172 දක්වා ඉහළ ගියා.

එසේම, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 1296 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගිය සංඛ්‍යාව එක්ලක්ෂ 29,903 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා මර්දනයට අදාළ සියලු‍ කටයුතුවලින් අද (25) සිට ඉවත් වන බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් ඊයේ (24) අනතුරු අඟවනු ලැබුවා.

ඒ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා නොදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට විරෝධය පළ කරමින්.

වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂතාවක් දක්වමින් කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ආරම්භ වී ඇතැයි, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් ද ඊයේ යොමුකරනු ලැබුවා.

මේ අතර,හුදෙකලා කරන ලද ප්‍රදේශවල නිවෙස්වල එක්තැන් වී සිටින රෝගීන් සඳහා සෞඛ්‍ය පහසුකම් නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් රජය මගින් ආරම්භ කර තිබෙනවා.

නිවෙස්වල එක්තැන් වී සිටින රෝගීන් සම්බන්ධයෙන් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි සඳහන් කළේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top