අද ලිහිල් වූ සංචරණ සීමාවේ - අවසරය ළඟම වෙළඳසැලට යාමට පමණයි
Tuesday, 25 May 2021 - 9:06 | Views - 438
දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද (25) අලුයම 4 ට ලිහිල් කෙරුණා.

ඒ අනුව, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලට ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන අතර, අද (25) රාත්‍රී 11 ට යළි බලාත්මක කෙරෙන සංචරණ සීමා ජුනි 07 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අතරතුර මැයි 31 සහ ජුනි 04 වනදා ද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් සංචරණ සීමා ලිහිල් කෙරෙනු ඇති.

අද සංචරණ සීමා ලිහිල් කළද නිවසෙන් පිටවීමට කොන්දේසි කිහිපයක් බල පැවැත්වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ සංචරණ සීමා තාවකාලිකව ඉවත් කළද, වෙළඳසැල් වෙත ගමන් කළ හැක්කේ පාගමනින් පමණක් බවයි.

 එසේම, මාර්ගයේ හා වෙළඳසැල් වල වාහන නැවැත්වීම තහනම් බවද ඔහු සඳහන් කළා.

මේ අතර, සංචරණ සීමා කඩ කරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

ඊයේ (24) දිනයේදී එලෙස නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 745 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එසේම, අද දිනයේදී කිසිදු පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක නොවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

මේ අතර, දිස්ත්‍රික්ක 04 ක ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදෙකලා කෙරුණා.

ඒ අනුව, අම්බලන්ගොඩ - ඌරවත්ත , කිරිබත්ගොඩ - ඊරියවැටිය, නුවරඑළිය - ඩයගම - සන්දිරිගම සහ එහි සත්ත්ව ගොවිපොල කොටසද අද (25) අලුයම සිට හුදෙකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top